කොපමණ පාඩම් කළත් මතක හිටින්නේ නැත. ඒ සඳහා කළ යුතු කුමක්‌ද?
මෙය අද බොහෝ පාසල් දරුවන් ද සමහර විටෙක දරුවන් ඇති අම්මලා ද
විද්යුත් මාධ්‍ය වැඩසටහන්වලින් නිතර විමසන ප්‍රශ්නයකි. එවිට
අදාළ වැඩසටහනට සහභාගි වන අය විවිධ පිළිතුරු දෙනවා ඇසේ. කොපමණ
පිළිතුරු දුන්නද ප්‍රශ්නය ද නොකඩවාම ඇසේ.
යමක් මතක තබා ගැනීමේ ශක්‌තිය කිසිසේත්ම එකිනෙකා අතර සමාන
නොවේ.
නිවසේදී පරිගණකයේද, රූපවාහිනියේ ද එල්ලී සිටින සමහර දරුවන්
විභාගවලදී උසස් ප්‍රතිඵල ලබයි. එයට හේතුව නම් පාසලේදී ද අමතර
පංතියේදී ද ඉගැන්වෙන පාඩම තුළට සමවැදී එය ධාරණය කර ගැනීමේ
අපූරු කුසලතාවය ඒ දරුවන් සතුව තිබීමය. එසේම උසස් විභාගයන්
සමත්වීමටත්, ඒ අනුසාරයෙන් රැකී රක්‍ෂා ලැබීමටත් අවශ්‍ය වාසනා
ගුණය ඔවුන් උපතින්ම රැගෙන විත් තිබීමය. මේ පළමු කණ්‌ඩායමයි.
දෙවැනි කණ්‌ඩායම නම් නිවසේදී ද පොත පත කෙරෙහි සිත යොමු කිරිම
මගින් පාඩම් මතක තබා ගැනිSමට හැකි පිරිසයි.
සියලු බාහිර කටයුතුවලින් ඉවත් වී පොතේම එල්ලී ඉතා වෙහෙස වී
පාඩම් මතක තබා ගත යුතු පිරිස තෙවන කණ්‌ඩාමයි. මොවුන් තද බල
වීර්යයෙන් තම වාසනාව පාදා ගත යුතු පිරිසකි. ආත්මීය පුරුද්දක්
නැති මේ කණ්‌ඩායම තම දුර්වල මතක ශක්‌තිය ප්‍රබල මතක ශක්‌තියක්
බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය කුසලකර්ම ද කළ යුතුය.
සිව්වන කණ්‌ඩායම නම් මතක ශක්‌තිය කිසිසේත්ම නැතිව අධ්‍යාපනයට
වාසනාව නැති පිරිසයි. මේ අය සුදුසු කුසල කර්ම කරමින් ඊළඟ උපත
සාර්ථක ධාරණ ශක්‌තියක් ඇති අය සේ ගත කිරීමට උත්සාහවන්ත විය
යුත්තෝ වෙති.
මේ සියලු දෙනාටම පොදුවේ බලපාන සාධක ගණනාවක් ද තිබේ. ඒවා නම්.
1. අදක්‍ෂ ගුරුවරුන් හමුවීම, මෙය අප රට තුළ දක්‌නට ලැබෙන මහත්
අවාසනාවන්ත තත්ත්වයකි. ගුරුකමට කිසිසේත්ම නොගැලපෙන, සතුන් වැනි
මිනිස්‌සු පාසල් තුළ ගුරු වෘත්තියේ යෙදෙති.
2. පදිංචි ස්‌ථානයට බොහෝ දුර බැහැර පාසල්වලට ළමුන් යෑවීම. මේ
මගින් ළමයා අධික කායික මානසික විඩාවකට පත්වේ.
3. නිවස තුළ දරුවන් ලැබිය යුතු මව්පිය වැඩිහිටි සෙනෙහෙස සහ
නිදහස නැතිවීම.
4. මව හෝ පියා හෝ දෙදෙනාම හෝ අනාචාරයේ හැසිරීම.
5. පියාගේ බේබදුකම.
6. නිවස තුළ නිතර දුක් අෙ¹aනා අවලාද කියන දුර්ජන චරිත, දැඩි
කාමුක චරිත ජීවත් වීම.
7. මව්පිය දෙදෙනාගේ අඬ දබර පැවතීම.
8. විභාගය සමත්විය යුතුම බව කියමින් දරුවන්ට නිතර දැඩි තර්ජන
ගර්ජන කිරීම.
9. අධ්‍යාපනය ලබන කාලය තුළ මඟුලක් සොයා ගැනීම ආදියයි.
මෙම සාධක ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළ යුත්තේ කවරහුද?
මෙහිදී තම තමන්ට නිවැරැදි කර ගැනීමට හැකි දේවල් නිවැරැදි කර
ගැනීමට කටයුතු කළ යුතු නොවේද?
කෙසේ වෙතත්, නිතර පත පොත පරිශීලනය කිරීම, විෂය මතක තබා ගැනීමට
තිබෙන ප්‍රශස්‌තම මඟÊබව කිව යුතුය. මේ බව සනාථ කිරීමේ සාක්‍ෂි
අපට පන්සල තුලින් ලබා ගැනීමට හැකිය.
අනඳ මාහිමි ප්‍රමුඛ කොට ගත් මුල් යුගයේ විසූ භික්‍ෂුන් වහන්සේ
මතක තබාගැනීමේ විශේෂ කුසලතා ඇත්තෝ වූහ.
පසුකාලීනව දහම පුස්‌තක ගත කළ ද දහම් දෙසීමේදී කිසිදු
භික්‍ෂුවක් පොතක් බලමින් එය කළේ නැත. අද ද එසේය. එබැවින්
බෞද්ධ භික්‍ෂුව යනු ධර්ම භාණ්‌ඩාගාරයකි. දහමට අදාළව
ත්‍රිපිටකයේ කොතනකින් පැනයක් විමසුවත් නිවැරදි භික්‍ෂුවකට
පිළිතුරු දීමට පුළුවන.
සමහර විට ඉතාම නූගත් දෙමාපියන්ගේ දරුවකුව ඉපිද, ශ්‍රමණ බිමට
පිවිසෙන බාලයෙකු ධර්මධර, විනයධර උපාධි ගණනාවක් ලබා ගත්
භික්‍ෂුවක වන අයුරු අපට නිතර දක්‌නට ලැබේ. මෙය මෙසේ වන්නට
අමුතු මන්තරයක් යන්තරයක් භාවිත කළේද?. පූජාවක්, සෙත්
කවියක්, ස්‌ත්‍රොaතයක්?
කිsසිසේත්ම නැත. කළ එකම දෙය නම් මහණ වූ දා පටන් පාන්දර හතරට
අවදිව පොත පත වනපොත් කිරීමය. නිතරම අදාළ පොත පත පරිශීලනය
කිරීමය. එයට අමතරව ඇති විශේෂිත කාරණය නම් මේ කුඩා සාමනේර
හිමිවරු ධර්මයෙහි හැසිරීමය.
පන්සලක සිට අධ්‍යාපනය කරන හිමිනමකට මෙන් ගිහි ගෙදරක දරුවකුට
කටයුතු කළ නොහැකි වුවත්, අධ්‍යාපනය ලබන අයෙකුට පන්සලෙන් ලබා
ගැනීමට හැකි ආදර්ශ දෙකක් තිබේ. එනම්.
1. නිතර අදාළ පොත පත පරිශීලනය කිරීම.
3. ධාර්මික දිsවි පැවැත්ම යන කරුණු දෙකයි.
පාඩම් කිරීමේ සහ මතක තබා ගැනීමේ ක්‍රම එකිනෙකාගෙන් එකිනෙකාට
වෙනස් වේ. කෙනෙකුට රාත්‍රි කාලයේ පාඩම් කිරීම පහසු වන අතර,
තවත් අයෙකුට පාන්දර අවදිව පාඩම් කිරීම පහසු වේ. එම වෙනස්‌කම්
තම තමා විසින් ම අවබෝධ කරගෙන කටයුතු කළ යුතුය.
විශේෂයෙන් ම මවුපියන් ද දරුවන්ද අනෙක් දරුවන්ට ඊර්ෂ්‍යා
කිරීමෙන්, අකුල් හෙලීමෙන් ඒ දරුවන්ගේ යම් යම් අඩුපාඩු දැක
උපහාසයට අපහාසයට ලක් කිරීමෙන් වැළකී සිටීම තමන්ගේ දියුණුවට
හේතුවන බව මතක තබා ගත යුතුය. සමහර විටෙක පාසලේ තම සහෝදර
සිසුන්ගේ උසුළු විසුළු නිසාම අධ්‍යාපනය හැර ගිය අය මේ සමාජය
තුළ අපට හමුවෙති. එසේ තම සහෝදර සිසුන්ට උසුළු විසුළු කරන
කණ්‌ඩායමකට තම දරුවා ඇතුළුව සිටී දැයි විමසා බලා අවවාද කර ඔහු
එයින් ඉවත් කරවීමට ඔබ වගබලා ගත යුතුය. මක්‌නිසාද අනුන්ගේ
අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කුමන අයුරකින් හෝ දායක වීම
මෙලොවත්, එලොවත් දෙකම විනාශ කරන කරුණක් වන නිසා ය.
උගත්, වැදගත් ජ්‍යෙdතිෂවේදියකු ලවා දරුවාගේ කේන්ද්‍රය බලවා ගෙන
පූර්ව අකුසල කර්ම (අධ්‍යාපනයට බාධා කරන අපල) තිබේ නම් දැනගෙන
දරුවා පුන්‍ය කටයුතුවල යෙදවීම මවුපියන්ගේ වගකීම හා යුතුකම
වන්නේය.
ඉගෙනීම ලබන සම වයසේ දරුවන්ට අවශ්‍ය පරිදි උපකාර කිරීම තමා
දන්නා විෂය කරුණු නොවලහා කියාදීම ඉගෙනීම ලබන සාමණේර හිමිවරුනට
ගැලපෙන සිවුරු පිරිකර සහ අවශ්‍ය පොත පත මිල මුදල් ලබාදීම ආදිය
ප්‍රශස්‌ත පින්කම් ය. එක එක දෙවිවරුනට ස්‌ත්‍රොaත්‍ර ගායනා
කිරීම, විවිධ පිදේනි බාරවීම, සෙත්කවි කියවීම, යන්තර මතුරා
ශරීරයේ එල්ලා ගැනීම ආශීර්වාද පූජා තැබීම ආදී විවිධ ක්‍රම මගින්
ඉගෙනීම ජය ගැනීමට හැකිය. විභාග සමත් කිරීමට හැකිය යන බලගතු
මිථ්‍යාවන් වෙතට තම දරුවන් යොමු නොකිරීමට මවුපියන් වගබලා ගත
යුතුය.
රජයේ රෝහලක මනෝ වෛද්‍යවරයකු රාජ්‍ය විශ්වවිද්‍යාලයක මනෝ
විද්‍යා ආචාර්යවරයකු හෝ උපදේශකවරයකු බඳු ලොවම පිළිගන්නා
උගතෙකුගේ උපදේශනයක් විනා වෙනත් කිසිදු උපදේශනයක් ඔබ පිළිගත
යුතු නොවේ.
අද උපදේශන සේවා එලෝකෝටියකි. තම තමන් ජපානෙන් ඇමරිකාවෙන් චීනෙන්
එංගලන්තයෙන් නැති නම් කොහේ හෝ පිට රටකින් උගත්කම් උපාධි ලබා
පැමිණි බව කියන්නෝ ද නහුතයකි. මොවුන් කරන්නේ ද තම බඩ වඩා ගැනීම
සඳහා විවිධ මිථ්‍යාවන් පැවරීම බව ඔබ මතක තබා ගත යුතුය.
අධ්‍යාපනය ලබන දරුවන් අද කපටි වංචාකාරයන්ට හොඳ කටගැස්‌මකි.
බොහෝ අම්මලාගේ විභාග උමතුවට එයට ගැලපෙන රහමෙරකි. ධාරණ ශක්‌තිය
දියුණු වී අධ්‍යාපනය ජය ලැබීමේ පහසු සරළ ක්‍රමයක් ඔබට
දක්‌වමි. මේ ක්‍රම අනුගමනය කළ දරුවන් සාර්ථක ප්‍රතිඵල ලබා ඇත.
විශේෂයෙන් මෙහි දැක්‌වෙන ආහාර බාල කාලයේ පටන්ම ලබාදීම මගින්
දියවැඩියාව වැළඳීම වළක්‌වා ගැනීමට ද හැකි වේ.
1. දිනපතාම එක වේලක් අනිවාර්යයෙන් ම ගොටුකොල ආහාරයට ගන්න. එයට
අමතරව දිනපතාම එක වෙලක් මුගුණුවැන්න හෝ වැල් පෙනෙල කොළ හෝ
කතුරුමුරුංගා කොළ හෝ මල්, ලුණුවිල, රත්මල් කැකුළු එකට දමා
පිසගත් වෑංජනය හෝ කෑමට ගන්න. දිනපතාම නැවුම් එළකිරි බීමට හෝ
මුදවා කෑමට හෝ ගන්න.
2. ආයුර්වේද වෛද්‍යවරයකු වෙතින් තමාට සුදුසු තෙලක් නිර්දේශ
කරවා ගෙන එම තෙල සතියකට වරක් හොඳින් හිස ගල්වා පැයකට පමණ පසු
ළදරු ශැම්පු වර්ගයකින් සෝදා හරින්න. සෙම් රෝග නැති කෙනෙකුට
නම්, ගෙදර සිඳගත් පොල් තෙල් ඉතාමත් ප්‍රශස්‌තය. තදින් හිරු
පායන මේ රටේ හිස තෙල් ගැල්වීමෙන් වැළකී එක එක කූට වෙළෙඳුන්ට
වුවමනා අයුරින් හිසේ ජෙල් ගෑම තදබල මෝඩකමක් බව මතක තබා ගත
යුතුය.
3. තම පවුලේ කුඹුරුවලින් ගත් රතු කැකුළු හාලෙන් බත් උයනවා නම්
පමණක් බත් කැඳ පෙරා බීමට ගන්න.
4. සතියකට වරක් එකම වේලාවක (එනම් රාත්‍රි 8 නම් සෑම දිනකම
රාත්‍රි 8 ට) දහම් දෙසුමකට (මාධ්‍ය තුළින්) සවන් දෙන්න. සවන්
දීමට පෙර ඇඟපත සෝදා පිරිසිදු ඇඳුමකින් සැරසී හිස පීරා තමන්
භාවිත කරන විලවුන් වර්ගයක් ගල්වා ඉතා පහසු ඉරියව්වකින් හිඳ
ඉතාම සාවධානව දේශනයට සවන් දිය යුතුය. ඉන් පසු දහම් දෙසුමෙන්
තමා තේරුම් ගත් දෙය විනාඩි 5 - 6 ක් ඇතුළත වාක්‍ය 5 - 6 කින්
ලියන්න ඒ සඳහා වෙනම පොතක් තබා ගන්න.
5. දවසේ පාඩම් ආරම්භ කිරීමට සිතා පොත අතට ගන්නා කුමන
අවස්‌ථාවකට හෝ පෙර ශාරීරිකව ඉතා හොඳින් පිරිසිදු වී බුදු හිමි
නමට හඳුන් කූරක් දල්වා තබා, නව ගුණ පාඨය සහිතව බුද්ධ වන්දනා
ගාථාව කියා වන්දනා කරන්න. අනතුරුව පාඩම් කරන තැනට ගොස් පොත
අතට ගැනීට පෙර
බාහු සච්චංච සිප්පංච - විනයොච සුසික්‌ඛිතො
සුභාසිතාචයා වාචා - ඒතං මංගල මුත්තමං
තමාට හොඳින් ඇසෙන සේ මිහිරිව ගාථාව ගායනා කර පොතට නමස්‌කාර කර
පාඩම ආරම්භ කරන්න. ගාථාව තුන් වරක් ගායනා කරන්න.
6. බිම හෝ මල් පෝච්චියක හෝ මල් පැළයක් තමන් විසින්ම සිටුවා
සාත්තු කරමින් වවන්න.
7. දවසේ සුළු වේලාවක් මිහිරි සංගීතයට සවන් දෙන්න.
8. සඳ හෝ තරු හොඳින් බබලන රාත්‍රි කාලවල ටික වේලාවක් අහසේ
අසිරිය නරඹන්න.
9. ඔබ ගම්බද කෙනෙකු නම් ඉඳහිට සැඳෑ කාලයක සුදුසු කෙනෙකු සමඟ
වෙල් යාය පුරා ඇවිදින්න. නැතිනම් ගමේ තිබෙන කන්දකට නැගී පහල
අවට නරඹන්න. ඔබ තදබල නාගරික පරිසරයක සිටින්නේ නම් එහි තිබෙන
අලංකාර උයනක සැරිසරන්න. ඔබ මුහුදු වෙරළක් සමීපයේ සිටින්නේ නම්
සැඳෑ කල සයුර සහ ක්‍ෂතිජය නරඹන්න.
10. දිනපතාම විනාඩි පහක් එක තැන දුවන්න.
11.දිනපතාම රාත්‍රි ආහාරව වේල පවුලේ සියල්ලන් හා එකතුව බෙදා
හදා ගෙන කන්න. ඒ වෙලාවට සියලු විද්යුත් මාධ්‍යයන් වසා දමන්න.
ඔබ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරියට යන දරුවෙකු නම් 9 වැනි
ශ්‍රේණියේ සිට ඉහත ක්‍රියා පිළිවෙල අනුගමනය කළ යුතුය. ඉන්
ඔබ්බට ගමන් කර සිටින අයට අදාළ විභාගය සඳහා තිබෙන කාල පරාසය
අනුව ප්‍රතිඵල ලැබීමට හැකි වනවා ඇත.
විශේෂයෙන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති අය මෙහි අංක 4 සහ 5
යටතේ දැක්‌වෙන ක්‍රියාකාරකම් පමණක් වුවද හොඳින් අනුගමනය
කිරීමෙන් උසස් ප්‍රතිඵල ලැබීමට හැකි වේ.
මෙහි අංක 1 සහ 2 සහ 3 යටතේ දැක්‌වෙන කරුණු කුඩා කල සිටම
අනුගමනය කිරීම මහත්ඵලදායක වේ.
-අනෝමා පී. ඈපා සෙනෙවිරත්න -දිවයින
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment